සමාජ මාධ්‍ය දරුවන්ට හානි කරන විදිය පිළිබඳ වාර්තාවක් සකස් කරයි

සමාජ මාධ්‍ය දරුවන්ට හානි කරන විදිය පිළිබඳ වාර්තාවක් සකස් කරයි

January 31, 2025   07:56 am

සමාජ මාධ්‍යය භාවිතය ළමා සියදිවි හානි කරගැනීම් ඉහළ යෑමට හේතුවක් වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය සංගමය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසු‍වේ පසුගිය වසර තුළ ළමා සියදිවි හානි කරගැනීම් 200කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවය.

"ළමා සියදිවි හානි කරගැනීම්.. 2022 වසරේ 18ට අඩු දරුවන් 133 දෙනෙක්  සියදිවි හානි කරගෙන තිබෙනවා. නිල නොවන දත්ත අනුව ගිය වසරේ 270ක් කියලා කියනවා. මේ සියලුම දේවලට විවිධ හේතු තියෙනවා. මේකට ගන්න පුළුවන් එක පියවරක් තමයි සමාජ මාධ්‍ය කොයි විදියටද තහනම් කරන්නේ කියන එක. රටක් වශයෙන් කුමක් කළ යුතුද කියන කරුණු ගැන තොරතුරු රැස් කරලා තියෙනවා. තව සතියකින් දෙකකින් මේ පිළිබඳව අපි තොරතුරු අනාවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. සමාජ මාධ්‍ය භාවිතයේ වාසි අවාසි දෙකම තිබෙනවා දරුවන්ට. මේක පාලනය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා."