ඔබත් COPD රෝගයෙන් පෙළෙන අයෙක් ද ? වෛද්‍යවරුන්ගෙන් දැනුවත් කිරීමක්
January 23, 2025 08:45 am
වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 10කට COPD හෙවත් නිදන්ගත පුප්පුෂීය අවහිරතා රෝගය පවතින බවට ශ්වසන රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පදාතු මහත්මිය පවසන්නීය.
ඇය පවසන්නේ 2017 වසරේ දී සිදුකළ සමීක්ෂණයකින් මේ පිළිබඳ අනාවරණය වී ඇති බවය.
කෙසේවෙතත් මෙම රෝගය සම්බන්ධයෙන් සමාජය තුළ නිසි අවබෝධයක් නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පදාතු මහත්මිය පැවසුවාය.
"ලෝකයේ මරණ අතරින් 7 වෙනි ස්ථානයේ තියෙනවා මේ රෝගය. ඔබට ඇදුම රෝගය තියෙනවා ඔබ බෙහෙත් ගන්නේ නෑ. නමුත් බෙහෙත් ගන්නේ නෑ. අවුරුදු 20ක් 30ක් යනකොට ඔබ COPD රෝගියෙක් විදියට මට එනවා. සිගරට් දුම පාවිච්චි කරනවා. ඔබ දන්නේ නෑ ඔබගේ පෙනහළුවලට කාලයක් පුරා ඩැමේජ් වෙනවා කියලා. අවුරුදු 45ක් වගේ වෙද්දි ඔබ වෛද්‍යවරු සොයාගෙන යනවා. එතකොට තමා දැනෙන්න ගන්නේ මට හුස්ම ගන්න අමාරුයි කියලා. මම කන්දක් නගිද්දි තමා දැනෙන්නේ. මුල් අවස්ථාවේ දී මේක සැඟවිලා තිබිලා. 2017 පරීක්ෂණයෙන් ලංකාවේ වයස 40ට වැඩි 10%කට මේක තියෙනවා. මුල් අවස්ථාවේ දී මේක හොයාගන්නේ නැත්තේ මේක ගැන අවබෝධයක් නැති නිසා."
මෙම රෝග තත්ත්වය පාලනය කරගැනීම සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පදාතු මහත්මිය මෙලෙස අදහස් පළ කළාය.
"අනවශ්‍ය වායු දූෂණයන්ට අපි ගොඳුරු වීම සහ මාස්ක් නොපැලඳීම යන කරුණු දෙක නිසා රෝගය වැලදෙනවා. දෙමව්පියෝ ඇති මේ COPD රෝගය හඳුනාගෙන නැතුව. ඇවිඳින්න අමාරුයි. එතකොට හතියක් එනවා. පොඩි හෙම්බිරිසාවක් ආවත් එයාලට අමාරුයි. එකම ප්‍රතිකාරය ඉන්හේලර් එක තමා. වෙන දෙයක් නෑ. COPD කියන්නේ නිදන්ගත රෝගයක් ඒක ඇදුම රෝගයට වඩා වෙනස්. ඒ නිසා ඉන්හේලර් එක දීර්ඝ කාලීනව භාවිත කරන්න ඕනේ."