ඇමතිවරුන්ගේ කාර්යයන් හා ප්‍රතිපත්ති පිළිබඳ උපදෙස් මාලාවක්

ඇමතිවරුන්ගේ කාර්යයන් හා ප්‍රතිපත්ති පිළිබඳ උපදෙස් මාලාවක්

January 22, 2025   10:35 pm

අමාත්‍යංශ සඳහා උපදේශකවරු පත්කිරීම, අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩල මෙන්ම වාහන සහ ඉන්ධන, දුරකථන යනාදිය ඇතුළත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක මහතා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නිවේදනයක් නිකුත්කරමින් දැනුම්දී ඇත.

ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ජනතාව විසින් වත්මන් රජය වෙත බලය ලබා දීමේ දී අපේක්ෂා කරන ලද කරුණු පිළිබඳවද මෙහි දැනුම්දී ඇත.

එමෙන්ම මහජනතාව විසින් ආර්ථික සංවර්ධනය, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම, රජය තුළ සිදුවන වංචා, දූෂණ හා අක්‍රමිකතා අවම කර යහපත් රාජ්‍ය පාලනයක් ස්ථාපනය කිරීම යනාදිය පිළිබඳ මෙහි අවධානය යොමුකර තිබේ.

මීට අමතරව රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, ආර්ථිකය ඇතුළු සියලුම ක්ෂේත්‍ර තුළ සමානාත්මතාව සහ සමාජ සාධාරණත්වය තහවුරු කිරීම, දරුවන් හා තරුණ පරපුර වෙනුවෙන් සුරක්ෂිත අනාගතයක් ගොඩ නැංවීම මෙන්ම පුරවැසියන්ගේ ජීවිත නිදහස්ව හා සාමකාමීව පවත්වා ගෙන යාම ආදී කරුණු ද පිළිබඳවද මෙහි විශේෂ සැලකිල්ලටක ලක් කර ඇත.

ඊට අදාළ නිවේදනය

PS-CSA-00-1-4-12_250122_200430 (1) by poornima on Scribd