කොටස් වෙළෙඳපොළෙන් අදත් වාර්තාවක්

කොටස් වෙළෙඳපොළෙන් අදත් වාර්තාවක්

January 22, 2025   03:19 pm

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (22) දිනයේ ද ඉහළ වර්ධනයක් වාර්තාකර ඇත.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 231.64කින් ඉහළ ගොස් තිබේ.

දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක  16,828.80ක් ලෙස සටහන් වූ අතර, එය සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් වාර්තාකළ ඉහළම අගය ලෙස සැලකෙයි.

අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 10.66කි.