සමානුපාත මැතිවරණ ක්‍රමයකට යළිත් වරක් ගමන්කළ යුතුයි - චතුර ගලප්පත්ති
January 22, 2025 02:13 pm
සමානුපාත මැතිවරණ ක්‍රමයකට යළිත් වරක් ගමන්කළ යුතුව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳ තමාට ගැටලු පවතින බවද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ පැවති "ක්ලීන් ශ්‍රී ලංකා" විවාදයට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති ඒ බව කියා සිටියේය.
එම මැතිවරණ ක්‍රමය තුළ බලාපොරොත්තු වන ඉලක්ක සපුරා ගත නොහැකි බවය ඔහු කියා සිටියේය.
"ක්ලීන් ශ්‍රී ලංකා" නොව ක්‍ලියර් ශ්‍රී ලංකා විය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.