පොල් ගැටලුවට විසඳුම්
January 21, 2025 07:38 pm
උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව සඳහා 2025 අයවැය හරහා රජය රුපියල් මිලියන 1,437ක් වෙන් කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
උතුරු පළාතේ හෙක්ටයාර 40,000ක පොල් ගස් වගා කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, 2025 අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 1,437ක් වෙන් කරන ලෙස ඉල්ලා ඇති බවත් ඔහු අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ රට තුළ හෙක්ටයාර 05කට අඩු පොල් වගාවන් සඳහා නොමිලේ පොහොර ලබාදීමට ද රජය තීරණය කර ඇති බවය.
රුසියාවෙන් ලැබුණු මෙට්‍රික් ටොන් 55,000ක පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 27,500ක් පොල් වගාව සඳහා වෙන් කිරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවර සඳහන් කළේය.
පවතින පොල් ගැටලුව සමග මේ වන විට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 250 දක්වා ඉහළ ගොස් ඇත.