මෝදිගේ මීළඟ සංචාරය ගැන අනාවරණයක්
සයුරෙන් එතෙර

මෝදිගේ මීළඟ සංචාරය ගැන අනාවරණයක්

January 11, 2025   11:17 am

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ සංචාරයක නිරත වන බව ප්‍රංශ ජනාධිපති නිවේදනය කර තිබේ.

ප්‍රංශ පුවත් වාර්තා පෙන්වා දෙන්නේ නරේන්ද්‍ර මෝදි පෙබරවාරි මාසයේදී පැවැත්වෙන කෘත්‍රිම බුද්ධි ක්‍රියාකාරී සමුළුවට සහභාගී වීමට නියමිත බවය.

කෙසේවෙතත් ඉන්දීය රජය තවමත් අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවද වාර්තා වෙයි.