කූට ලේඛන සැකසූ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
January 11, 2025 07:18 am
පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඊයේ (10) සිදුකළ වැටලීමකින් කූට ලෙස සකස්කළ රියදුරු බලපත්‍ර හා වෙනත් වාහන බලපත්‍ර සකස් කර දී මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 48ක් වන මනම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.
මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 19ක් සන්තකයේ තිබී ඇත.
ඔහු විසින් රියදුරු බලපත්‍ර හා වාහන ලියාපදිංචි පොත් සකස් කර දීම සම්බන්ධයෙන් ද තවත් තොරතුරු අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ.
එම අනාවරණය කරගත් තොරතුරු මත මෙම ජාවාරමට සම්බන්ධ වේරහැර මෝටර් රථ රියදුරු බලපත්‍ර කාර්යාලය අසල රියදුරු පාසලක් පවත්වා ගෙන යන අයෙකු හා නාරාහේන්පිට මෝටර් රථ කාර්යාලය අසල ව්‍යාජ බලපත්‍ර සකස් කරන ලද අයෙකු එම අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 39 හා 60 යන වයස්වල පසුවන බොරලැස්ගමුව හා නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මෙම සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස්කළ රියදුරු බලපත්‍ර කාඩ් 03ක්, ජංගම දුරකතන 06ක්, පරිඝණක යන්ත්‍රයක් හා ඒ සඳහා යොදාගත් තවත් ලේඛන කිහිපයක් ද සොයා ගෙන ඇත.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් මනම්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.