උතුරු මැද පළාත් 11 ශ්‍රේණියට අදාළ තවත් විභාග ප්‍රශ්න පත්‍ර දෙකක් පිටවෙයි
January 6, 2025 09:51 pm
උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 11 ශ්‍රේණියේ වාර විභාගයට අදාළව තවත් ප්‍රශ්ණ පත්‍ර දෙකක් පිටවී තිබේ.
උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසුවේ විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර මෙලෙස පිටව ඇති බවය.
"ඊයේ මධ්‍යම රාත්‍රියේ පළවෙනි ආරංචිය ලැබුණා අද දවසට අදාළ විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවෙලා කියලා. ඒ අනුව අපි අද අළුයමම ඒ විභාගයේ කටයුතු අත්හිටුවන්න කටයුතු කළා. අද හවස්වරුව වෙනකොට හෙට සහ අනිද්දා ට නියමිත විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර පිටව ගොස් ඇති බවට කරුණු වාර්තා වුණා."
මෙම ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධව මේ වන විට අනුරාධපුර මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇතැයිද පැවසු ඒ මහතා සිද්ධිය සිදුවූයේ කෙසේද යන්න සොයා බැලීමට කටයුතු කරන බවද පැවසීය.
පළමුව පිටව ඇත්තේ උතුරු මැද පළාතේ 11 වන ශ්‍රේණියේ වාර විභාගයට අයත් සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය වන අතර එය සමාජ මාධ්‍ය ඔස්සේ පිටව ඇතැයි තහවරු විය.
මෙම ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියත් සමග උතුරු මැද පළාතේ සියළුම රජයේ පාසල්වල 11 ශ්‍රේණියේ විභාග කටයුතු යළි දැනුම්දෙන තුරු අවලංගු කිරීමට ද පියවර ගැණුනි.