මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද
December 28, 2024 11:08 am
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පූර්ණ හමුදා ගෞරවය සහිතව අද (28) පැවැත්වේ.
නවදිල්ලි නුවර පිහිටි නිගම්බෝද් ගාට්හීදී පෙ.ව. 11.45ට මෙම කටයුතු සිදුකිරීමට නියමිත බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉන්දියානු ආර්ථික පුනරුදයේ නිර්මාතෘ ලෙස සැලකෙන එරට හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, අසනීප තත්ත්වයක් හේතුවෙන් නවදිල්ලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
වැඩිම කාලයක් ඉන්දීය අගමැති ධුරය දැරූ නායකයෙක් වන ඔහු මියයන විට 92 හැවිරිදි වියේ පසුවිය.
ඔහුගේ අභාවය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ඇතුළු ලෝක නායකයින් රැසක් ශෝකය පළ කර තිබේ.
මේ අතර, මන්මෝහන් සිංග් අභාවය පිළිබඳව තමන් දැඩි ශෝකයට පත්වන බවත් ඔහු "දූරදර්ශී නායකයෙකු" ලෙස හඳුන්වමින් නේපාල අගමැති සිය ශෝකය පළ කර තිබුණි.
ඒ අනුව හිටපු අගමැතිවරයාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහය කොංග්රස් පක්ෂ ප්‍රධාන කාර්යාලය වෙත ගෙන එනු ලැබුවේ මහජනතාවට, කොංග්රස් පක්ෂ නායකයින්ට සහ විදෙස් රාජ්‍ය නායකයින්ටද දේහයට අවසන් ගෞරවය දැක්වීමේ අවස්ථාව සලසමිනි.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද එක්වී සිටියේය.