ගිනි ගත් කැබ් රථය තුළ මළ සිරුරක්
December 26, 2024 01:11 pm
හබරණ ප්රදේශයේ දී ගිනිගැනීමට ලක් වු කැබ් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.
හබරණ, මින්නේරිය මාර්ගයේ 39 කනුව ප්රදේශයේ දී ඊයේ රාත්රී කැබ් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබු අතර පොළොන්නරුව ගිනි නිවන ඒකකය විසින් ගින්න මැඩ පවත්වා තිබුණි.
පසුව සිදුකළ විමර්ශනවලදී අදාළ මෝටර් රථය තුළ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ එම කැබ් රථයේ හිමිකරු බවට සැකකෙරෙන අතර මළ සිරුර කැබ් රථයේ පිටුපස අසුනේ තිබී ඇති බව සඳහන්ය.
කැබ් රථයේ හිමිකරු දෙකටන ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙය ඝාතනයක් ද, නැතහොත් සියදිවි හානි කරගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මේ අතර ග්රෑන්ඩ්පාස් වදුල්ල වත්ත ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී 50 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
ප්රදේශයේ පුද්ගලයෙකු සමග ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
සැකකරු ප්රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ග්රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.