සියලු කොටස් මිල දර්ශකයේ ඉතිහාසගත පිම්ම

සියලු කොටස් මිල දර්ශකයේ ඉතිහාසගත පිම්ම

December 23, 2024   11:50 am

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියේය.

මීට සුළු මොහොතකට පෙර (පෙ.ව. 11:45) එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසට ය.

ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය අද දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වීය.