කුඩු සළිඳුට ඇප

කුඩු සළිඳුට ඇප

December 20, 2024   03:09 pm

සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් නියෝග කර තිබේ.

එකී ශරීර ඇපවලට අමතරව සැකකරු වෙත දැඩි ඇප කොන්දේසි ද නිකුත් කර ඇත.

සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත්
අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ ඇප මත නිදහස් කර ලෙස නියෝග කර තිබේ.

ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා නඟා තිබුණි.

නීතිඥ ජාලිය සමරසිංහ, ජයබදු  කළුපහන, හේමන්ත කුමාර ,අශෝක ධර්මරත්න, බී ඒ ආර් බමුණුසිංහ, ශානිකා කාරියවසම්, සංජුලා සුරවීර සහ එච්. කේ. කේ. හීනටිගල යන නීතිඥ මහත්ම මහත්මීන් විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.

නඩුව 2025 පෙබරවාරි 10  දින යළි කැඳවීමට නියමිතය.