මව මැරූ පුතා සියදිවි නසාගනී

මව මැරූ පුතා සියදිවි නසාගනී

December 16, 2024   07:32 am

පුද්ගලික ආරවුලක් මත ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගිය අවස්ථාවේදී තියුණු ආයුධයකින් පහරදී සිය මව ඝාතනය කළ පුත්‍රයා සියදිවි නසාගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (15) ගොඩකවෙල, බිසෝකොටුව ප්‍රදේශයේදී 82 හැවිරිදි කාන්තාවක්ව සිය පුතා විසින් මෙලෙස පහරදී ඝාතනය කර තිබුණි.

පසුව එම පුත්‍රයා ප්‍රදේශයෙන් පළා ගොස් සිට ඇති අතර පසුව එම පුද්ගලයා ද උඩවලව, ගුරුමඩයාය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලිස් ස්ථානය වෙත දැනුම් දී ඇත.

සැකකරු 54 හැවිරිදි ගල්පාය, පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගොඩකවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.