ජලය පිරුණු කාණුවකට වැටී තවත් පුද්ගලයෙකු මරුට
November 28, 2024 07:08 am
කොස්වත්ත, මාවතගම කර්මාන්තපුරයේ ජලය පිරී තිබූ කාණුවකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි මඩුමුල්ල, උඩපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවුඩයක් මත කොස්වත්ත පොලීසිය විමර්ශනය කර මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට භාරදී ඇත.
කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.