දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයේ නවතම තත්ත්වය - සජීවි විකාශය

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයේ නවතම තත්ත්වය - සජීවි විකාශය

November 27, 2024   10:48 am

දිවයිනට බලපවත්වා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ‍මේ වනවිට පවුල් 59,629කට අයත් පුද්ගලයින් 207,582 දෙනෙක් පීඩාවට පත්ව සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් උදය හේරත් මහතා පවසා සිටියේ, 17කට මෙම ආපදා තත්ත්වය බලපා ඇති බවය. 

මේ අතර ආපදා හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්වී ඇති අතර පුද්ගලයින් 07 දෙනකු අතුරුදන්වී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

මේ අතර පවතින ආයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුර්ණ නිවාස හානි 06ක් වාර්තා වී ඇති අතර අර්ධ නිවාස හානි 561ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පවතින තත්ත්වය හේතුවෙන් පවුල් 1,712කට අයත් පුද්ගලයින් 6,016 දෙනෙකු ඥාති නිවාසවල සිටින අතර ආරක්ෂිත ස්ථාන 104ක පවුල් 3,102කට අයත් පුද්ගලයින් 10,137 දෙනෙකු රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය ගැන අද දෙරණ ගෙන සජීවි විකාශය පහළින් දැක්වේ.