2025 අයවැය කතාව පෙබරවාරි 17 වෙනිදා
November 26, 2024 10:45 am
2025 අයවැය යෝජනා ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත 2025 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
එහි දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව පෙබරවාරි 17 වනදා සිදුකිරීමට නියමිතය.
අයවැය තෙවැනි වර කියවීමට අදාළ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වනදා සිදුකිරීමට නියමිතය.
මේ අතර වෙළෙඳපොළෙහි පවතින නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය පිණිස සහල් ආනයන කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව ස්වර්ණ නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.