තේරීපත්වූ මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගත්තේ මෙහෙමයි
November 20, 2024 05:07 pm
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කිරීම පිණිස ඊයේ (19) සහ අද (20) පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගැනීමේ කටයුතු පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සාර්ථකව අවසන් වී තිබේ.
මෙම අවස්ථාවට පළමුවරට පාර්ලිමේන්තුවට තේරිපත්වූ මන්ත්‍රීවරයන් ඇතුළුව මන්ත්‍රීවරයන් 200 කට වැඩි පිරිසක් සහභාගී වූ බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනය කළේය.
එහිදී සියලුම මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු සහ ලිපිලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැඳුනුම්පත් සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළව ඇඟිලි සලකුණු ලබා ගැනීම ඇතුළු කටයුතු සිදුකර ඇත.
මේ අතර දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකම ද මෙවර සලසා දී තිබුණි.