දුම්රිය අනතුරින් දෙදෙනෙකු මරුට
November 15, 2024 08:53 pm
මාතර සිට ගාල්ල දක්වා ධාවනය වු දුම්රියක අද (15) පස්වරු 6.20ට පමණ වැලිගම පොල්අත්ත දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරි රථයක් ගැටිමෙන් එකම පවුලේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් තුවාල ලැබු එම පවුලේ අනෙක් සිව්දෙනා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පිරිස තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ගාල්ල ප්‍රදේශයේ සිය ඥාති නිවසකට ගොස් නැවත සිය නිවස බලා ගමන් කරමින් සිටියදි මෙම අනතුරට මුහණ දී තිබේ.
දුම්රියක් පැමිණෙන බවට සංඥා එළි දැල්වෙමින් තිබියදී දුම්රියක් පැමිණෙන බවට අසල සිටි පිරිස පවසද් දීත් මෙම ලොරි රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සාහ කිරීමේ දී මෙම අනතුර සිදුව ඇතැයි වැලිගම පොලීසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල පදිංචිකරුවන් වන ලොරි රථයේ රියදුරු ලෙස සිටි 34 හැවිරිදි දිලිප පෙරමුණගේ හා ඔහුගේ සීයා වන 80 හැවිරිදි පි.කේ. සුගතදාස යන අයයි.
තුවාල ලැබු පිරිස අතර ජීවිතක්ෂයට පත්වු ලොරි රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුදගලයාගේ අවුරුදු 01 හා අවුරුදු 07 යන වයස්වල පසුවන කුඩා දරුවන් දෙදෙනා, බිරිඳ හා බිරිදගේ මව යන පිරිස සිට ඇති අතර ඔවුන් මාතර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
34 හැවිරිදි බිරිඳගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
අනතුර සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.