අකුණු සැර වැදී 11 හැවිරිදි දැරියක් මරුට

අකුණු සැර වැදී 11 හැවිරිදි දැරියක් මරුට

November 1, 2024   06:32 am

අකුණු සැර වැදීමකින් 11 හැවිරිදි දැරියක් මියයෑමේ සිද්ධියක් පස්සර පොලිස් වසමේ අඹතැන්න ගොවිපොළ ප්‍රදේශයයෙන් වාර්තා විය.

දැරියට අකුණු සැර වැදී ඇත්තේ ඊයේ (31) දහවල් කාලයේදී ය.

පියා හා සහෝදරයා නිවස පිටුපස අත්තිවාරම කපමින් සිටියදී ඊට උදව් කරමින් සිටියදී දැරිය මෙම අනතුරට ලක්වී ඇති බව පැවසෙයි.

ඇයගේ සහෝදරයාද අකුණු සැර වැදීමෙන් පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට මාරු කර යවා ඇත.

පියාට කිසිදු අනතුරක් සිදුවී නොමැති අතර පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.