රිය අනතුරුවලින් යතුරුපැදිකරුවන් තිදෙනෙක් මරුට

රිය අනතුරුවලින් යතුරුපැදිකරුවන් තිදෙනෙක් මරුට

October 22, 2024   07:30 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (21) එම අනතුරු සිදුව තිබුණේ කහවත්ත, වෙන්නප්පුව සහ තිරුක්කෝවිල් යන පොලිස් වසම්වලදීය.

පැල්මඩුල්ල - නෝනාගම මාර්ගයේ වැල්ලදුර ප්‍රදේශයේදී යතුරුපැදියක් වැසි සහිත කාලගුණය හේතුවෙන් මාර්ගයේ ලිස්සා ගොස් පෙරළී ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයක ගැටී සිදුවූ අනතුරනින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, සඳුන්ගම, බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර හලාවත - කොළඹ මාර්ගයේ කොලින්ජාඩිය ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගය හරහා ගමන්කළ යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, පෙරේරා මාවත, වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙකි.

අක්කරපත්තුව - පොතුවිල් මාර්ගයේ තම්බැට්ට පෙරිය ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබේ. 

අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට ධාවනය වූ යතුරුපැදියක් පසු පැදිකරුවන් දෙදෙනෙකු සමඟින් ගමන් කරමින් සිටියදී පැදිකරුට යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ වම් පසට ඇදීගෙන ගොස් මොහොත්තුවාරම් පාලමේ ආරක්ෂිත වැටේ ගැටී එම අනතුරක් සිදුව ඇත.

අනතුරින් පැදිකරු හා පසු පැදිකරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු හා පසු පැදිකුරුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරපත්තුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පැදිකරු මියගොස් තිබේ.

මරණකරු වයස අවුරුදු 34 ක් වූ විනයාගපුරම් 03 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.