උපදෙස් පිළිනොපැදීම දඬුවම් ලැබිය හැකි වරදක්

උපදෙස් පිළිනොපැදීම දඬුවම් ලැබිය හැකි වරදක්

October 7, 2024   07:26 pm

පාර්ලිමේන්තු මැතිවරණ කාර්යන් සඳහා පත් කරනු ලැබූ හෝ පත්කරනු ලැබීමට ඉඩ ඇති සියලුම රාජ්‍ය හා ව්‍යවස්ථාපිත මණ්ඩල නිලධාරීන් මෙන්ම සේවකයන් තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් අද (7) දන්වා සිටියේය.

එමෙන්ම තැපැල් ඡන්ද ඉල්ලුම් නොකිරීම හෝ යම් යම් අඩුපාඩු මත ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප වීම මැතිවරණ රාජකාරීවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

සෘජුවම මැතිවරණ හා සම්බන්ධ කාර්ය සඳහා පත් කරනු නොලබන අය තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සඳහා සුදුසුකම් නොලබන බවත්, එවැනි නිලධාරීන් තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සහ එවැනි ඉල්ලුම්පත් සහතික නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ආයතන ප්‍රධානීන්ට දැනුම්දී තිබේ.

ඒ අනුව ඉහත උපදෙස් අනුව ක්‍රියා නොකිරීම දඩයකට හෝ සහ අවුරුදු තුනක් දක්වා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් ලැබිය හැකි වරදක් බවද මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා ඇත.