නව ආණ්ඩුකාරවරුන් පත් කරයි

නව ආණ්ඩුකාරවරුන් පත් කරයි

September 25, 2024   03:55 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් අද (25) දිවුරුම් දී තිබේ.

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන් මහතා පත්කර ඇත.

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම් මහතා දිවුරුම්දී ඇත.

දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජ්‍යේෂ්ඨ පාරිපාලන නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර මහතා දිවුරුම්දී තිබේ.

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස චම්පා ජානකි මහත්මිය පත්කර ඇත.

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස  - හනීෆ් යූසුෆ් මහතා දිවුරුම්දී තිබේ.

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස - තිස්ස කුමාරසිරි මහතා දිවුරුම්දී තිබේ.

උතුරුමැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස - වසන්ත කුමාර විමලසිරි මහතා දිවුරුම්දී තිබේ.

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස - ජයන්ත ලාල් රත්නසේකර මහතා දිවුරුම්දී තිබේ.

ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස කපිල ජයසේකර මහතා දිවුරුම්දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය සඳහන් කළේ අද නව ආණ්ඩුකාරවරුන් 09 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන් බවය.