පේදුරුතුඩුවේ සිට පානම සංචාරක කලාපයක් කරනවා - රනිල්

පේදුරුතුඩුවේ සිට පානම සංචාරක කලාපයක් කරනවා - රනිල්

September 16, 2024   09:29 pm

පේදුරුතුඩුවේ සිට පානම දක්වා ප්‍රදේශය සම්පූර්ණ සංචාරක කලාපයක් බවට පත්කර රට දියුණු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කන්තලේදී අද (16) පැවති 'රනිල්ට පුළුවන්' ජනරැලියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

"අමාරුයි, මං ඒක පිළිගන්නවා. ඒ බර මට ඕන අයින් කරන්න. අපි ඉදිරියට යමු. ලිස්සන්න පුළුවන් මාලදිවයිනට වුණා වගේ.  ඒක තමයි දැන් මේක තහවුරු කරන්න ඊළඟ අවුරුදු පහ ඉල්ලන්නේ.  බලන්න...බලන්න, නොවැම්බර් මාසෙන් පස්සේ කන්තලේ සීනි කම්හලයි, තවත් කම්හල් ගණනාවක් දාන්න යනවා. ඒ ඔක්කොම කරන්න මං දිනන්න ඕන. නැත්නම් බැහැ මොකුත් කරන්න. කැමතියි නේද ඒකට. පේදුරුතුඩුවේ ඉඳන් පානම වෙනකම් සම්පූර්ණ සංචාරක කලාපයක් කරනවා. අපි දියුණු කරන්න යනවා. ඒකේ වාසිය හැම තැනටම එන්න. කුස්සියේ ප්‍රශ්නය විසඳන්න ගෑස් සිලින්ඩරයට කතිරය ගහන්න. ඉතිරි ටික මං කරලා දෙන්නම්".