පුද්ගලික ආරවුල මරණයෙන් කෙළවර වෙයි

පුද්ගලික ආරවුල මරණයෙන් කෙළවර වෙයි

September 16, 2024   01:06 pm

වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ අතුරු මාර්ගයක දී ‍තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ  49 හැවිරිදි වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

පොලීසිය පැවසුවේ ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති බවයි.

වේයන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.