ගල්කිස්ස බඩෝවිට වෙඩිතැබීමක් 

ගල්කිස්ස බඩෝවිට වෙඩිතැබීමක් 

September 15, 2024   09:19 pm

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇති බව පොලීසිය පැවසීය.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

අද (15) රාත්‍රී 8:30ට පමණ එම වෙඩිතැබීම සිදුකර තිබුණි.

ඉන් බඩෝවිට, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මදුෂාන් සුවාරිස් නම් වයස අවුරුදු 31ක් වූ පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.