මැතිවරණ පැමිණිලි තවත් ඉහළ ට

මැතිවරණ පැමිණිලි තවත් ඉහළ ට

September 15, 2024   06:40 pm

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 184ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ ගතවූ පැය 24 තුළ පැමිණිලි 184ක් වාර්තා වූ බවය.

ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 01ක්, නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව 181ක් සහ වෙනත් පැමිණිලි 02ක් ලෙසින් එම පැමිණිලි වාර්තා වී තිබේ.

ඒ අනුව ජූලි 31 වැනිදා සිට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 4215ක් දක්වා ඉහළ ගොස් ඇත.

ලැබී ඇති සමස්ත පැමිණිලි අතරින් 3641ක් විසඳා ඇති අතර, තවත් පැමිණිලි 574ක් විසදීමට ඇති බවත් එම නිවේදනයේ සඳහන්ව තිබේ.