සීතා අරඹේපොළට තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයක්

සීතා අරඹේපොළට තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයක්

September 11, 2024   01:11 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොළ මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කර තිබේ. 

ඒ එතුමිය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවය. 

ඇය 2020 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක් ලෙස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර තිබුණි.