දික්කසාදය ඉල්ලූ පාකිස්තාන බිරිඳගේ දෙපා කපා දමයි

දික්කසාදය ඉල්ලූ පාකිස්තාන බිරිඳගේ දෙපා කපා දමයි

July 27, 2024   02:55 pm

ලිංගික හිරිහැර ඉවසාගත නොහැකිව සිය විවාහය අවසන් කිරීම සඳහා දික්කසාදය ගොනු කළ කාන්තාවකගේ දෙපා කපා දැමීමේ පුවතක් පාකිස්තානයෙන් වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ අදාළ කාන්තාවගේ පියා සහ මාමාවරුන් විසින් ඇයගේ දෙපා එලෙස කපා දමා ඇති බවය.

විදෙස් මාධ්‍ය පවසන්නේ පාකිස්තාන සමාජය තුළ ස්ත්‍රීන් යටත් කරගැනීමට ප්‍රචණ්ඩත්වය භාවිත කරන ප්‍රවණතාවය ඉහළ බවය.

එම සිද්ධියට මුහුණ පෑ කාන්තාව පොලීසියට පවසා ඇත්තේ තම හිංසාකාරී සැමියාගෙන් දික්කසාදය ඉල්ලා සිටීම නිසා තම පාද කපා දැමූ බවය.