සුනක් පරාජය පිළිගනී

සුනක් පරාජය පිළිගනී

July 5, 2024   10:12 am

ජාතික මැතිවරණයේදී බ්‍රිතාන්‍ය කොන්සෙවටිව් පක්ෂය ලැබූ පරාජයේ වගකීම තමා භාරගන්නා බව රිෂි සුනක් පවසයි.

මැතිවරණයේ මෙතෙක් නිකුත්කර ඇති ප්‍රතිඵල විශ්ලේෂණය කළ විචාරකයින් පවසන්නේ කම්කරු පක්ෂය ආසන 170ක පමණ බහුතරයකින් ජයගැනීමට ඉඩ ඇති බවයි.

ඒ අනුව Keir Starmer බ්‍රිතාන්‍ය අගමැති ධුරය සඳහා පත්වීමට නියමිතය.

කම්කරු පක්ෂය බ්‍රිතාන්‍යයේ බලය ලබාගෙන ඇත්තේ වසර 14කට පසුව වීම විශේෂත්වයකි.

ලන්ඩනයේ සිට සිය පාක්ෂිකයින් අමතමින් Starmer පැවසුවේ "වෙනස දැන් ඇරඹෙනවා" යනුවෙනි.
 
තවත් ආසන 150ක පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතය.