වැටලීමකට ගිය OIC ට මාරාන්තික ප්‍රහාරයක්

වැටලීමකට ගිය OIC ට මාරාන්තික ප්‍රහාරයක්

July 4, 2024   07:03 am

වැටලීමකට ගිය අවස්ථාවේ තලාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට පහරදීමක් සිදුව තිබේ.

ඊයේ (03) රාත්‍රී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ එහි සිටි කිසියම් පුද්ගලයෙකු විසින් ස්ථානාධිපතිවරයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බව වාර්තා වේ.

පහරකෑමෙන් තුවාල ලැබු ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

පහරදීම සිදුකළ සැකකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.