එක්දරු මවකගේ ගර්භාෂයේ කිලෝ 15ක් බර ගෙඩියක්

එක්දරු මවකගේ ගර්භාෂයේ කිලෝ 15ක් බර ගෙඩියක්

July 3, 2024   09:41 pm

වීරකැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක එක්දරු මවකගේ ගර්භාෂයේ තිබූ කිලෝග්‍රෑම් 15ක් පමණ වූ ගෙඩියක් සාර්ථක ලෙස සැත්කමක් මගින් අද (03) ඉවත් කර තිබේ.

ඒ, හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.

සැත්කමට භාජනය වූ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.