මෝදි - පුටින් හමුව ගැන ඉඟියක්

මෝදි - පුටින් හමුව ගැන ඉඟියක්

June 25, 2024   04:50 pm

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රුසියානු සංචාරය එළඹෙන ජූලි මාසයේදී සිදු විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සංචාරයේදී අග්‍රාමාත්‍ය මෝදි සහ ජනාධිපති පුටින් අතර හමුවක් පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු රුසියානු රජය විසින් සුදානම් කරමින් සිටින බවත් එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.

පුටින් මේ වසරේ මැයි මාසයේදී අඛණ්ඩව පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතර නරේන්ද්‍ර මෝදි ද නොකඩවා තෙවැනි වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලදි.