චීනයට බලපෑ ගංවතුරෙන් 60ක් මරුට

චීනයට බලපෑ ගංවතුරෙන් 60ක් මරුට

June 25, 2024   04:37 pm

චීනයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ දකුණු ප්‍රදේශයට දින කිහිපයක සිට අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතින අතර එම නිසාවෙන් ප්‍රදේශ රැසක ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයන් සිදුවී ඇති බව වාර්තා වී තිබේ.

චීනයේ හුනාන් පළාතට ගංවතුරෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇති අතර නිවාස දහස් ගණනක් විනාශවී ඇතැයි ද සඳහන් ය.