කොලින් මුන්රෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

කොලින් මුන්රෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

May 10, 2024   05:02 pm

නවසීලන්ත ක්‍රීඩක කොලින් මුන්රෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 

37 හැවිරිදි මුන්රෝ 2013 වසරේ සිට 2020 වසර දක්වා නවසීලන්ත කණ්ඩායම නියෝජනය කළේය.

එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 57ක් සහ 20යි 20 තරග 65කට සහභාගී වෙමින් නවසීලන්ත කණ්ඩායම නියෝජනය කර ඇති ඔහුට 2020 වසරෙන් පසුව ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමි නොවුණි.

කෙසේවෙතත් කොලින් මුන්රෝ මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට අපේක්ෂාවෙන් පසුවුව ද එම සංචිතය සඳහා ඔහු ඇතුළත්  කර තිබුණේ නැත.