මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්

මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්

May 10, 2024   01:14 pm

ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමෙන් පසුව ද්වි පාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉහළ සහායක් ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකි වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 

තිරසාර ස්ථාවරත්වය නමින් මහ බැංකුවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය. 

ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කළ තිරසාර ස්ථාවරත්වය නම් සංවාදාත්මක වැඩසටහන ඊයේ (09) පැවැත්වුණේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙනි.