යුද හමුදා මූලස්ථානයෙන් නාමලේඛනයක් උස්සලා

යුද හමුදා මූලස්ථානයෙන් නාමලේඛනයක් උස්සලා

May 10, 2024   11:12 am

රුසියානු හමුදාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් ජාවාරම් කළ බව කියන මේජර් ජෙනරාල්වරයෙකු සහ සැරයන්වරයෙකු කුරුණෑගල වැවරවුම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

විශ්‍රාමික මේජර් ජෙනරල්වරයෙක් වන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලීසිය දීර්ඝ ලෙස විමර්ශන සිදුකර තිබේ.

එලෙස සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, විශ්‍රාමික යුද හමුදා නිලධාරීන්ගේ නාමලේඛනය යුද හමුදා මූලස්ථානයෙන් ගනු ලැබුවේ ඔහු විසින් බවය. 

රුසියාවේ සහ යුක්‍රේනයේ කුලී හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා සාමාජිකයින් යොමු කිරීමේ ජාවාරමට අදාළව පොලීසිය විසින් දිගින් දිගටම විමර්ශන සිදුකරයි.