යුක්‍රේන - රුසියා යුද්ධයට ගිය ශ්‍රී ලාංකිකයන් 6ක් මරුට

යුක්‍රේන - රුසියා යුද්ධයට ගිය ශ්‍රී ලාංකිකයන් 6ක් මරුට

May 9, 2024   03:31 pm

මිනිස් ජාවාරම්කරුවන් විසින් යුක්‍රේන- රුසියා යුද්ධයේ රුසියානු හමුදාවට එක්වීම සඳහා මෙරටින් යවන ලද ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී ඒ බව තහවුරු වී ඇති බවය.

ඒ සම්බන්ධ නිවරැදි සංඛ්‍යා සොයාගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.