හිච්චි මල්ලී ව නිවසේදීම ඝාතනය කෙරේ

හිච්චි මල්ලී ව නිවසේදීම ඝාතනය කෙරේ

May 9, 2024   02:09 pm

ගාල්ල, අක්මීමන පොලිස් බලප්‍රදේශයේ තොටගොඩ කුරුන්දකන්ද ප්‍රදේශයේදී අද (09) අලුයම තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ව ඝාතනය කර තිබේ.

එම පුද්ගලයා සිය නිවස තුළ නිදා සිටියදී කඩුවකින් පහරදී තිබුණි.

දැනට ප්‍රදේශයෙන් පැනගොස් ඇති සැකකරු විසින් මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාට ද කඩු ප්‍රහාරයක් එල්ලකර ඇති අතර ඔහු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ තොටගොඩ කුරුන්දකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි හික්කඩුව කෝරලගේ ප්‍රසන්න කුමාර නොහොත් හිච්චි මල්ලි නමැත්තෙකි.

ඔහු තිදරු පියෙකි.

මෙම ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති බව පොලීසිය කීය.

මත්ද්‍රව්‍ය ජාවාරමක ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට කරුණු වාර්තා වී තිබෙන බව පොලීසිය පවසයි.