පාකිස්තානයේ වෙඩිතැබීමක් 
සයුරෙන් එතෙර

පාකිස්තානයේ වෙඩිතැබීමක් 

May 9, 2024   01:27 pm

නිරිතදිග පාකිස්තානයේ ග්වඩාර් වරාය නගරය ආසන්න නවාතැන්පොළක දී කම්කරුවන් 7 දෙනෙක් ව නාඳුනන කණ්ඩායමක් විසින් වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අද උදෑසන (09) එම සිද්ධිය වාර්තා විය.
 
පොලීසිය පැවසුවේ එම වරාය නගරයේ සේවය කරන කම්කරුවන් පිරිසක් නිදාගෙන සිටියදී එම ප්‍රහාරය එල්ලකර ඇති බවයි.

මෙම වරාය නගරය පිහිටා ඇත්තේ ගැටුම් පවතින බලොචිස්තාන් පළාතේ ය.