මහ රෑ දකුණ රත්කළ වෙඩිප්‍රහාරය ගැන තවත් තොරතුරු

මහ රෑ දකුණ රත්කළ වෙඩිප්‍රහාරය ගැන තවත් තොරතුරු

May 8, 2024   10:16 pm

අහුංගල්ල ප්‍රදේශයේ නිවසකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ කීර්ති සේනා අබ්‍රේව් නැමති 56 හැවිරිදි පුද්ගලයෙකි.

අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේ සිය නිවසේ සිටියදී ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණි.

අද රාත්‍රි 7.45ට පමණ නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් හිසට සිදුවූ බරපතළ තුවාල සහිතව ඔහුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.