හිටපු මේජර් ජෙනරාල් සහ සැරයන් අත්අඩංගුවට

හිටපු මේජර් ජෙනරාල් සහ සැරයන් අත්අඩංගුවට

May 8, 2024   09:40 pm

හිටපු යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු සහ හිටපු යුද හමුදාවේ සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඔවුන් කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.

රුසියාවේ සහ යුක්‍රේනයේ කුලී හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා සාමාජිකයින් යොමු කිරීමේ ජාවාරමට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.