ඒකල කර්මාන්තශාලාවක ගින්නක්
May 7, 2024 08:03 pm
ඒකල ප්රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අද පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවය.
ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවද පොලීසිය පැවසීය.
ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති අතර කර්මාන්තශාලාවේ දේපොළවලට හානි සිදුව ඇත.
කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ජාඇළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.