හංවැල්ලේ පියෙකු දරු දෙදෙනා ප්‍රාණ ඇපයට ගනී

හංවැල්ලේ පියෙකු දරු දෙදෙනා ප්‍රාණ ඇපයට ගනී

May 5, 2024   10:21 pm

බිරිඳ සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය තුළ අත් බෝම්බයක් අතැතිව තම දරුවන් ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයෙකු වළක්වාලීම සඳහා පෙලීසිය සහ පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් මෙහෙයුමක් දියත්කර තිබේ.

සැකකරු මේවනවිටත් සිය දරුවන් ප්‍රාණ ඇපයට ගෙන සිටින බව අප වාර්තාකරු පැවසුවේය.

බිරිඳ සමග ඇතිවූ අරවුලක් හේතුවෙන් බිරිඳ ඝාතනය කිරීමේ අරමුණින් සැකකරු මෙලෙස අත් බෝම්බයක්ද රැගෙන නිවසට ඇතුළුවී ඇති අතර බිරිඳ නිවසින් පිටතට පැන දිවි ගලවාගෙන ඇති බව වාර්තා වේ.

ඉන් කෝපයට පත් පුද්ගලයා සිය දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන ඇති බව පොලීසිය පවසයි.

දරුවන් දෙදෙනා මුදාගැනීම සඳහා මේවනවිටත් පොලීසිය සහ පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් උත්සාහකරන බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය.