අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි

අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි

May 4, 2024   10:44 am

එරාවූර් චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය පවසයි.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණ‍යන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය පවසයි.

එමෙන්ම මෙම මරණය යම් සාහසික ක්‍රියාවක් හේතුවෙන් සිදු වූ එකක් ද නොඑසේනම් ‍වෙනත් කාරණයක් ද යන්න සම්බන්ධයෙන් එරාවුර් පොලීසිය විමර්ශන සිදුකරයි.