පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ භූ කම්පනයක්

May 4, 2024   08:54 am

මධ්‍යම පිලිපීනයේ ලයිට් පළාතේ රික්ටර් පරිමාණයේ 6.0ක  ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන ඇත.

විදෙස් වාර්තා සඳහන් කළේ  පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32 ක් පමණ ගිනිකොන දෙසින් කිලෝමීටර් 8 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බවය.

පිලිපීනයේ ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසන්නේ ඊයේ (03)  පස්වරු 6.16 ට පමණ සිදු වූ මෙම භූ කම්පනයෙන් පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති බවය.

එම පසුකම්පන ලයිට් පළාතේ ඇතැම් ප්‍රදේශවලට ද දැනී ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

භූ කම්පන හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.