පොලීසිය මහජන සහාය ඉල්ලයි

පොලීසිය මහජන සහාය ඉල්ලයි

May 1, 2024   09:49 am

පුද්ගලයෙකු පැහැරගෙනගොස් ඇති බවට සැකපළකරන වෑන් රථයක් සහ ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහන් පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

පසුගිය අප්‍රේල් මස 22 වනදා කුලියාපිටිය වෙරළුගම ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බවය.

ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් NW PK -0125 දරණ සිල්වර් වර්ණයෙන් යුතු කුඩා වෑන් රථයක ඡායාරූපයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ එම රථය දුටුවොත් කඩිනමින් දැනුම්දෙන ලෙසටය.

ඒ සඳහා දුරකථන අංක දෙකක් ද පොලීසිය නිවේදනය කර ඇත.

එම දුරකථන අංක සහ අදාළ වෑන් රථය පහතින්.

කුලියාපිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධීකාරී - 071 859 1260
කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති - 077 352 8325