කොළඹ ආරක්ෂාව ගැන පොලීසිය කළ දැනුම්දීම

කොළඹ ආරක්ෂාව ගැන පොලීසිය කළ දැනුම්දීම

May 1, 2024   07:43 am

මැයි දින රැළි සහ පෙළපාළි හේතුවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.

එසේම ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දසදහසක් යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මේ අතර පෙළපාළි සඳහා ජනතාව රැගෙන එන විනය විරෝධී බස්රථ රියදුරන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.

එසේම කටුනායක ගුවන්තොටුපොළ වෙත ගමන්කරන වාහන සහ ගිලන් රථ, රෝහල් වෙත රෝගීන් රැගෙන යන රථ සඳහා මාර්ගයේ ගමන්කිරීම සඳහා පහසුකම් සපයා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එසේම, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඒකාබද්ධව 1,600 කට ආසන්න භට සංඛ්‍යාවක් අදාළ කදවුරුවල පොරොත්තු සේවයේ තැබීමටත් සියලු කටයුතු සුදානම් කර ඇත.