අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම ගැන නිවේදනයක්

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම ගැන නිවේදනයක්

April 29, 2024   05:26 pm

සියලු රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ සියලු පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේදී කුසලතා පදනම් සිසුන් ඇතුළත් කිරීම සිදුනොකරන බවය.

එසේම අදාළ චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පමණක් සැලකිල්ලට ගනිමින් අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන බව එහි සඳහන් වෙයි.

එසේම මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.