නිදහස් පක්ෂ ඉබි යතුරු ඇරෙයි

නිදහස් පක්ෂ ඉබි යතුරු ඇරෙයි

April 29, 2024   01:35 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබීය.

වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන් පොලීසිය විසින් පසුගිය අප්‍රේල් 06 වැනිදා කිසිවෙකුට ඇතුළුවීමට නොහැකිවන සේ එම කාර්යාලය ඉබියතුරු දමා තිබිණි.

ඒ අනුව පොලිස් ස්ථානීය විමර්ශන නිලධාරීන් අද (29) පැමිණ මූලස්ථාන ගොඩනැගිල්ලේ පරීක්ෂණයක් ආරම්භ කළේය.